Wednesday, September 6, 2017

සුන්දර චීන චාරිකාව

මේ ඉන්නෙ අපේ නායිකාවො දෙන්නා. දකුණු පැත්තෙ මහ නායිකාව ශානිකා(කටකාරි).
වම් පැත්තෙ දෙවැනි නායිකාව ජයනි(අහිංසකී)
මහජන බැංකුවට අනුබද්ධිත 'පීපල්ස් ටැවල්ස් ආයතනය' සමග චීන සංචාරයට එක්වුනේ අහම්බෙන් වගේ. ඉස්තරම්ම පහසුකම් එක්ක එතෙර චාරිකාවක් යන්න නම් පීපල්ස් ට්‍රැවල්ස් එක්ක යමු කියලා යෝජනා කළේ මගේ මිතුරා වික්‍රම මහත්තයා. කතන්දරේ ඇත්තද කියලා බලන්නත් එක්ක දරුවන්ගේද ඉල්ලීම පරිදි අදාල මූලික කටයුතු කළා. කොළඹින් සම්බන්ධීකරණය වුනාට ගමනෙ නායිකාවන් හැටියට යන්නෙ කවදාවත් දැකපු නැති කාන්තාවන් දෙදෙනෙක් කියලා දැනගත්තම හිත ටිකක් කැඩුනා. මං හිතුවෙම 'වාත' දෙකක් කියලා. කටුනායක ගුවන් තොටුපලේ දී හැමෝම එකතු වුනු වෙලාවෙ තමයි මං හිතපු 'වාත' දෙක හම්බවුනේ. ඒත් විනාඩි කීපයකින්ම මට තේරුම් ගියා, වාත දෙකක් නෙවේ 'පට්ට' විනෝදකාමී දෙන්නෙක් කියලා. එතන ඉදන් මාත් ඔවුන් දෙදෙනාට උපරිම සහයෝගය දෙමින් සුන්දර චාරිකාව ආරම්භ කළා. ඔවුන් දෙදෙනා කළ මෙහෙය හා මුහුණ දුන් නායකත්වය ඇත්තටම පිරිමි 10 දෙනෙකුට වඩා වැඩියි. ක්‍රියාශීලී බව, සුහද බව, වගකීම් දැරීම අති විශිෂ්ඨයි. නායිකාව ශානිකා නම් කටහඞ හා විධානයන් පිළිබදව  පුහුණුව ලබලා තියෙනවා. 45 දෙනෙකුව පාලනය කර ගන්න එහෙම නැතුව බෑනෙ. දෙවැනි නායිකාව ජයනි නම් ' අහිංසකී'. එයා දන්නෙ 'සීත සුළං අවට හමන්නේ' , ' සුදු අසුපිට උඩ නැගලා' කියන සිංදු දෙක විතරයි. ක්ලැසික් සිංදුවක් කියන ඕනෑම වෙලාවක එකපාරටම 'සීත සුළං අවට හමන්නේ ' කියාගෙන ඒ මැද්දට පැනලා කියමින් හිටිය සිංදුව අනුභව කරන එක එයාගෙ ජන්ම පුරුද්දක්. චාරිකාවෙ තොරතුරු කියවන්න පිටුවෙන් පිටුව ට යමුකො..

පීපල්ස් ට්‍රැවල්ස් වෙතින් අප ලද පහසුකම්
 රසවත් ආහාර වේල්
සාමූහික බව හා විනෝදය

සුඛොපභෝගී ප්‍රවාහන පහසුකම්

සුව පහසු කාමර පහසුකම්

මනා ලෙස ඉංග්‍රීසි කතා කළ හැකි
සුහදශීලී - උපකාරශීලී 

චීන මාර්ගෝපදේශකයන්
බෙයිජිං - කැරොල්
ෂැංහයි - ඇලෙක්ස්


No comments:

Post a Comment