![]() |
හැම තැනම ඇති කුලී පාපැදි |
ලෝකයේ විවිධ රටවල ඇති මේ කුලී පාපැදි ක්‍රම දැන් චීනයටත් ඇවිල්ලා. වර්ණ කිහිපයකින් යුතු මේ පාපැදි නගරයේ බොහෝ තැන් වල එක දිගට නවතා තියෙනවා. මේවා තමන්ටම අයිති ඒවා නොවේ. නගර සභාවෙන් මෙන්ම ප්‍රද්ගලික සමාගම් කිහිපයකුත් මේ පාපැදි ක්‍රමයට එක්වෙලා. කෙනෙකුට නිවසෙන් එළියට අවුත් තමන්ට ළගින්ම ඇති බයිසිකල් ගාලකින් බයිසිකලයක් ගන්නවා. ඒවා ලොක් කරලා තියෙන්නෙ මොබයින් ෆෝන් ඇප් එකකින්. ඒක බාර් කෝඩ් එකක්. තමන්ගෙ ජංගම දුරකතනයට කෙඩිට් කාඩ් විස්තර ඇතුළු කළාම යුආන් 299 ක නැවත ගෙවන තැන්පතු මුදලක් ( හානියක් වුවහොත් අයකර ගැනීමට) හා පැයකට යුආන් 1 ක් අය වෙනවා. පැයක ගමනක් අවසන් වෙද්දි ළගම තියෙන වෙනත් ඕනෑම පාපැදි ගාලක එය ගාල් කර දුරකතන ඇප් එකෙන්ම ලොක් කරන්න ඕනෙ. එවිට තැන්පතු යුආන් 299 ආපසු තම ගිණුමට බැර වෙනවා. යුආන් 1 ගෙවෙනවා. කොහොමද වැඩේ.
ටියන්නාන්මෙන් චතුරස්‍රය - Tiananmen Square

අපේ පළමු නැරඹුන් ස්ථානය වූයේ ටියැන්නාන්මෙන් චතුරස්‍රයයි. එය අපේ ගාලු මුවදොර පිට්ටනිය තරම් විශාල නිදහස් ප්‍රදේශයක්. සැබැවින්ම එය තහනම් නගරය හෙවත් අධිරාජයාගේ මාලිගාවට ඇතුළු වීමේ දොරටුවයි. එහි එක් පසෙක රාජ්‍ය නායකයන් හමුවීම සදහා වෙන් කළ සුවිසල් ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ වගේම තවත් පසෙක චීනය වෙනස් මගකට යොමු කළ නායක මාවෝ සේතුං ගේ දැවැන්ත රුවක් සවිකළ ගොඩනැගිල්ලක් තියෙනවා. එය තමා සැබැවින්ම මාලිගාවට ඇතුළු වීමේ දොරටුව. එම ස්ථානයේ සිට මාවෝ සේතුං විසින් මහජන චීනය ' මහජන චීන සමූහාන්ඩුව' ක් ලෙස නම් කරමින් කළ ඓතිහාසික ප්‍රකාශය නිසා ඔහුගේ එම දැවැන්ත පිළිරුව එහි සවිකර තිබෙනවා. එක් දිනකට ලක්ෂ ගණනක් චීන ජනතාව හා විදේශීය සංචාරකයන් මෙය නැරඹීමට මෙතැනට රැස්වන බවයි අපේ චීන මාර්ගෝපදේශිකාව පැවසුවේ.



පළමු වරට හා අවසන් වරට සිදුවූ කණ්ඩායම් සාමාජික මග හැරීම හා සොයා ගැනීම
කණ්ඩායම 45 දෙනා එක පොකුරේ සිටිය යුතු බව නායිකාව කොතරම් කීව ද තහනම් නගරය වෙත ඇවිද යද්දී එක් අයෙකු අතුරුදන් වී සිටියා. ඇය මග හැරී ඇතැයි සිතූ නායිකාව වහාම සියළු අන් අය එක තැනක රදවා ඇය සොයන මෙහෙයුම ආරම්භ කළා. නායිකාවන් දෙදෙනාත් කුළු මීමුන් දෙදෙනෙකු සේ ආපසු දුවන්නට පටන් ගත්තා. තරුණ කාන්තාවන් දෙදෙනෙකු එසේ වෙහෙසෙන අයුරු බලා සිටිය නොහැකිව හදවත පතුලෙන්ම නැගි සානුකම්පාවෙන් ( පිස්සු තමා) මා ද , තවත් කිහිප දෙනෙකු ද මෙහෙයුමට එක්වූවා. සිංහ කොඩියත්, පීපල්ස් ට්‍රැවල්ස් කොඩියත් ඉහලට ඔසවාගෙන නැති වූ අය සොයන මෙහෙයුම ටියන්නාන්මෙන් චතුරස්‍රය පුරා දස දහස් ගණනක් සෙනග අතරේ ඒ මේ අත දුවමින් ක්‍රියාත්මක වූ අතර අවසානයේ ඇය හමුවූයේ වෙතන් ප්‍රදේශයක සිටයි. ඒ වන විට මා පමණක් කි.මීටර් 4.6 ක් ඇවිද තිබුනා. (ෆෝන් ඇප් එකේ සටහන් වූ ආකාරය) අප ආපසු ඇවිදිමින් ඇයව සෙවූ නමුත් ඇය අපව පසුකර තනිවම ඉදිරියට ඇවිද ගොස් තහනම් නගරය ට ඇතුළු වන දොරටුව අසළටම ගොස් තිබුනා. එතැනින් එහාට යාමට ප්‍රවේශ පත්‍ර අවශ්‍ය වූ නිසා නැවතී ඇති ඇය එසේ නොවුවානම් කවම තනිවම ඇවිදිනු ඇත. අහෝ දුකකි.. ඉරකි.. තිතකි.
තහනම් නගරය - Forhibidden City


කුමන අයුරින් ජීවත් වුවත් චීන අධිරාජයා බෞද්ධයෙක්. ඒ නිසා තමාට බුදුන් වදින්නට ඇවැසි විහාරයක් පවා තහනම් නගරය තුළම ඉදි කරවා ගෙන තිබුනා.



දිව්‍යමය විහාරය - Temple of Heaven
![]() |
තෙමහල් වහලින් සැදුම් ලත් විහාර මන්දිරය |
![]() |
වහල රදවා තිබෙන දැවැන්ත කණු |
චීනය පාලනය කළ මිං අධිරජ පරම්පරාව ( Ming Dynasty 1368 - 1644 ) හා කුයිං අධිරජ පරම්පරාව (Qing Dynasty 1644 - 1911 ) ට ඇතුලත් වූ අධිරාජයන් විසින් මෙම දිව්‍යමය විහාරය තම පූජා කටයුතු සදහා යොදාගෙන තිබෙනවා. චීනයේ ඇති පුරාවිද්‍යා පැරණි ඉදිකිරීම් අතර ප්‍රමුඛස්ථානයක ඇති මෙම ගොඩනැගිලි සංකීර්ණය අද ද ඉතා අභිමානයෙන් ආරක්ෂා වී තිබෙනවා. මෙම විහාරය ඉදි කර තිබෙන්නේ 1420 දි. පසුව
![]() |
සරු අස්වැන්නක් පතා කළ පූජාවලදී බිලිදුන් සතුන් වෙනුවෙන් ඉදිකර ඇති සතුන්ගේ රූප |
![]() |
කොතැනට ගියත් මේ දෙන්නට ඉතිං පොටෝ එකක් ගන්න ඕනෙ. පුදුම වදයක් තිබුනෙ |
මෙහි ඇති පූජා ගොඩනැල්ලේ වහල තට්ටු 3 ක් සිටින සේ ඉදිකර තියෙන්නෙ. ඉහලින්ම ඇති රන්වන් පැහැ ගෝලාකාර කොත දෙව්ලොව නියෝජනය කරනවාලු. හැම මහලක්ම දැවැන්ත කණු 12 ක් මත සිටින සේ ඉදිකර තියෙන්නෙ. පළමු කණු 12 න් දක්වා තිබෙන්නේ අවුරුද්දේ මාස 12 යි. ඊළග කණු 12 න් දවසේ පැය ගණන පෙන්නුම් කරනවාලු. එකල දවසකට පැය 12 ක් පමණක් තිබී ඇති බවයි පැවසෙන්නේ.
![]() |
සුන්දර පරිසරය |
![]() |
ප්‍රධාන විහාරයේ දොරටුව |
![]() |
දිව්‍යමය විහාරයට පිවිසෙන අලංකාර මාර්ගය |
![]() |
සෙට් වුනු සෙට් එකක් |
දවස නිමා කළ චීන සර්කස්
දෙවැනි දවස නිමා වුනේ ඉතා විශ්මයජනක චීන සර්කස් සංදර්ශනයක් නැරඹීමට අවස්ථාව සළසා දෙමින්. දවස පුරා කි.මීටර් 10 කට වඩා ඇවිද ගිය අප සියළු දෙනා මේ අපූරු හැන්දෑව ගෙවුවේ ' ඉහලට ඇද ගත් හුස්ම ' පහලට හෙලා ගත නොහැකිවයි. ඉතා කුඩා ගෝලයක මෝටර් බයිසිකල් 5 ක් අධික වේගවෙන් පදවමින් කළ විශ්මය ජනක වික්‍රමය නම් කවදාවත් අමතක වෙන එකක් නෑ.
කමෙන්ට් එකක් ලියලම යන්න..
![]() |
ඩිජිටල් තිර වලින් සැකසුනු නවීන තාක්ෂණික වේදිකාව |
කමෙන්ට් එකක් ලියලම යන්න..
No comments:
Post a Comment