දිනය 4 - 30-8-2017


බෙයිජිං පැන්ඩා සත්ව උද්‍යානය


4 වන දිනය ආරම්භ වුනේ සුන්දර තැනකින්. ඒ තමයි බෙයිජිං පැන්ඩා සත්ව උද්‍යානය. අනෙකුත් සතුන්ද රැසක් හිටියත් මේ ස්ථානය වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ දැවැන්ත පැන්ඩාවන් සිටින සත්ව උද්‍යානයක් ලෙසටයි. කුඩා කර්මාන්තශාලාවක් නරඹන්න ගියා වාගේ නෙවෙයි දහස් ගණනක් ජනයා ගැවසෙන තැනක අපේ කණ්ඩායමේ 45 දෙනාව පරිස්සම් කරගෙන යන්නත්, ආපසු එන්නත් නායිකාවන් දෙදෙනා දැවැන්ත උත්සාහයක් ගත්තා. මෙවැනි තැනක බස් රථයෙන් බැස්සාට පසුව 45 දෙනා ගණන් කර, අදාල ආරක්ෂක උපදෙස් ලබා දීමෙන් පසුව නරඹන්නට කාලය හා නැවත මුණගැසෙන ස්ථානය ලබා දී නිදහසේ ඇවිදින්නට අවස්ථාව දුන්නා. 

නිතර දකින්නට නොලැබෙන විවිධ සතුන් පසු කරමින් යන විට තමා දැවැන්ත පැන්ඩා හමුවන්නේ. පැන්ඩාගේ ජන්ම භූමිය චීනය නිසා , ලොව නොයෙකුත් රටවල සත්ව උද්‍යාන හෝ වෙනත් ස්ථාන වල සිටින පැන්ඩා සත්වයන්ගේ අයිතිය තිබෙන්නේ චීනයට බවයි අපේ මාර්ගෝපදේශිකාව පැවසුවේ. එහි නිරවද්‍යතාව කෙසේ වෙතත් මෙම සත්ව උද්‍යානයට පැමිණි ගමන සුන්දර හා විනෝදාත්මක ගමනක් වුනා. අපේ නායිකා ශානිකා ට කිහිප වතාවක්ම කණ්ඩායම ගණන් කරන්නට සිදුවීම ඇයට සතුටක්. මන්ද කියනවානම් ඇය ලංකාවෙන් එද්දී 50 ගණන් කර ගන්නත් බෑ වගේ හිටියට අපව ගණන් කරලම ඇය ගණන් ඉගෙන ගත්තා. අපි පවු..........


 









ගිම්හාන මාලිගය සහිත උද්‍යානය - Summer Palace 




ගිම්හාන මාලිගය ලෙස නම් කර තිබෙන අපූරු පරිසරය දකින්නට යාම විශ්මිත නිර්මාණයක් දැක්කා මෙනි. චීන අධිරාජයා තම අන්තඃපුර ස්ත්‍රීන් හා ගෙවන කාලය ගිම්හාන සමයේ දී මදක් වෙනස් වෙනවා. තහනම් නගරය පිහිටා ඇති ප්‍රදේශය ගිම්හාන කාලයට අධික උශ්නත්වයෙන් යුතු නිසා එම කාලයේ සිසිලසෙන් යුතුව ගෙවන්නට ඔහු අපූරු ක්ෂෙම භූමියක් නිර්මාණය කර තිබෙනවා. විසල් ගස් වලින් යුතු කෘතිම වනයෙන් ලැබෙන්නේ සුවදායක සෙවනක්. .ගිම්හාන මාලිගාවට අයත් ප්‍රදේශයේ විශාලම කොටස වෙන් වී තිබෙන්නේ දැවැන්ත වැවක් වෙනුවෙන්. කුන්මිංග් වැව ( Kunming Lake ) ලෙස හදුන්වන මෙ මිනිස් අතින් ඉදිකළ වැවක්  ( Man made Lake) ලෙස මාර්ගෝපදේශකයන් ආඩම්බරයෙන් පවසන්නේ අපේ රටේ පරාක්‍රම සමුද්‍රය නොදුටු නිසා වෙන්නට ඇති.
වැවට ඉහලින් ගිම්හාන මාලිගය

රජු මෙහි ගත කළ ගිම්හාන සමය තුළ සියළු පාලන කටයුතු එළෙසම සිදුවුනා. විවිධ පැමිණිළි විසදීම සදහා වන උසාවි ගොඩනැගිල්ල ද ඉතා සුන්දර ලෙස අද ද දැකිය හැකියි.
වැව මැද පිහිටි දෙවොල- විහාරය

උසාවි ගොඩනැගිල්ල



 මෙම දර්ශනීය වැව මැද තවත් පැරණි ගොඩනැගිල්ලක් ඇති දූපතක් පිහිටා තියෙනවා. එම දූපත නම් කර ඇත්තේ නැන් හූ දූපත  යනුවෙනුයි (Nanhu Island) .එම ගොඩනැගිල්ල පූජා දෙවොලක් නැතහොත් පන්සලක් ලෙස නම් කරන්නට පුළුවන්. මෙය ඉදිකර තියෙන්නෙ වියලි කාලය නිමා කරන්නට වැසි ඉල්ලා තබන පූජාවන් සදහායි. රජු මෙම දූපතේ ඇති දෙවොලට ගොස් වැසි ඉල්ලා පූජා පැවැත්වීමෙන් අනතුරුව මහ වැසි වසින බව අතීතයේ සිට පැවතෙන මතයයි.



                                             



සම්ප්‍රදායික චීන ඇදුමෙන් සැරසී සිටි චීන ජාතිකයෙක්



No comments:

Post a Comment