දිනය 1 - 27.8.2017

අපේ චාරිකාවේ පළමු දිනය 2017 අගෝස්තු 27 වනදා වුවත්  26 වෙනිදා රාත්‍රී 10-10.30 අතර හැමෝම කටුනායක ගුවන් තොටුපළේ ෆුඩ් සිටි එක ළගට එකතු වුනා. එකිනෙකා දැක ගත්තෙත් ඒ වෙලාවෙ. නියමිත වෙලාවට නායිකාවො දෙන්නත් ආවා. අනේ ඉතින් මං දැකලා තිබුනෙත් නෑ නෙව. බලෙන්ම ගිහින් අදුන ගත්තා. අදාළ උපදෙස් සියල්ල ලබා දීමෙන් පස්සෙ බෝඩින් කාඩ් ගන්න පෝලිමේ ගියා. 

මේ අපේ නායිකාව ශානිකා
චීන තානාපති කාර්යාලයෙන් අපට දෙන්නෙ 'කණ්ඩායම් වීසා' එකක්. ඒ හින්දා ඒ නම් පිළිවෙලට තමා ගුවන් තොටුපළ හැම එකකම කවුන්ටර් වෙත යන්න ඕනෙ. එතැන ආගමන විගමන කටයුතු නිමවා  27 වනදා අළුයම 1.20 ට බැංකොක් බලා යන ටීජී 308 ගුවන් යානයෙන් ගමන පටන් ගත්තා කියමුකො. කටුනායකින් බැංකොක්.. බැංකොක් වලින් චීනයේ අගනුවර වන බෙයිජිං ගුවන් තොටුපළට සවස 3.50 ට ගොඩ බැස්සා. මුල් වරට බෙයිජිං පැමිණි මං ඇතුළු හැමෝටම බෙයිජිං මැජික් ලු හොදේ. මොකද අපේ කණ්ඩායමේ 45 දෙනාම පළමු වරට තමා චීනයට ඇවිත් තිබුනෙ. දැන් ඉතිං දිගට හරහට ගැහුවා කියමුකො ෆෝටෝ....
මායි මගේ මිතුරා වික්‍රම මහත්තයයි






අපේ පළමු චීන කෑම වේල

චීනයේ රාත්‍රී කෑම සවස 6-7 වෙනකොට අවසන් කිරීමේ සිරිතක් තියෙනවලු. ඒ හින්දා හැමදාම සවස 6.30 විතර වෙනකොට අපිට රාත්‍රී ආහාරය ලැබුනා. අපේ ලංකාවෙ 'චයිනීස්' කියන්නෙ අජිනොමොටෝ දාලා රසකරලා (අවුරුදු 5 කින් මැරෙන්න) හදන එකක්නෙ. නමුත් චීනෙ කෑම වේල හරිම වෙනස්. මැද වදුරු තට්ටුව කරකවමින් අපට ඕනෑ දේවල් බෙදාගන්න පුළුවන්. කෑමෙන් පසුසෙ අපේ පළමු නවාතැන බෙයිජින් ප්ලාසා හෝටලයට ගියා. ඒක සුපිරි හෝටලයක්. රෑ 4 ක් මෙතැන.
බෙයිජිං ප්ලාසා හෝටලය
අපේ පළමු රාත්‍රී හතරේ නවාතැන
Beijing Plaza Hotel, No 100, Dongsan South Road,
Chaoyong District, Tel: 010-67353366



මගෙ මිතුරා වික්‍රම
මේ අනික් නායිකාව ජයනි . ( අහිංසකී)
             


කමෙන්ට් එකක් ලියලම යන්න....

No comments:

Post a Comment