සවස 3.15 ට හරියටම ෂැංහයි දුම්රිය නැවතුම් පොළේ දුම්රිය නැවැත්තුවා. ෂැංහයි දුම්රිය පොළ කටුනායක ගුවන් තොටුපල වාගෙ 6 ගුණයක් විතර විශාල ඇති. අපේ චීන ගමනේ අවසන් නවාතැන වූ ෂැංහයි බවුලෝංග් හෝටලයට ආවා. ඒකත් කලින් වගේම අධි සුපිරි පහසුකම් ඇති හෝටලයක්..

නගරයේ රාත්‍රී සිරි නරඹන්න යොදාගෙන තිබුනු හුවෑන් පූ නදියේ බෝට්ටු සවාරිය පහුවදාට යෙදී තිබුනත්, පසුදා වැසි සහිත කාලගුණයක් ඇතිවේ යැයි සැකයෙන් ෂැංහයි මාර්ගෝපදේශකයා ඒ සුන්දර බෝට්ටු සවාරිය අදම කරන්නට තීරණය කර තිබුනා. ගිහින් බලමු ඒ සවාරියත්.
ෂැංහයි කියන්නෙ අළුත් නගරයක්ම නෙවෙයි. ඒත් ෂැංහයි වල කවදාවත් අධිරාජයෙකුගේ පාලන මධ්‍යස්ථානයක් තිබිලා නෑ. ඒ හින්දා කලින් නගර 2 වගේ පැරණි මාලිගා, වෙහෙර විහාර ආදිය දකින්න නෑ. ඒත් මෙහි කලකට පෙර තිබූ බ්‍රිතාන්‍ය හා යුරෝපා පාලන වලින් ඉතුරු වුනු අපූරු ගොඩනැගිලි සංස්කෘතියක් තියෙනවා. පැරණි නගරය ගගේ එක් පැත්තක තියෙද්දි අනික් පැත්තේ අහස සිප ගන්නා කුළුණු ගොඩනැගිලි පිරිලා. මුළු නගරයේම ගොඩනැගිලි විවිධ තාක්ෂණික විදුලි බුබුළු ක්‍රම වලින් අලංකාර කරලා තියෙනවා. ඒ විදුලි ආලෝකය දල්වන්නෙ හරියටම රාත්‍රී 7 ට. ඉන් පසුවයි නගරයේ ලස්සන පේන්නෙ.
බෝට්ටු සවාරිය යද්දි දකින දර්ශනය නම් කිසි දිනක අමතක වන්නේ නෑ. ගග දිගේ ඈතට යක කුඩා නැව ( කෲස් ) ආපහු හරවගෙන පිටත්වුනු තැනටම එනවා. ඒ හින්දා එක තැනටම වෙලා නරඹන්න ලෑස්ති වුනත් පාඩුවක් වෙන්නෙ නෑ, ආපහු ගමනෙදි දෙපැත්තම පේන හින්දා.

කොහොම වෙතත් ආපහු ගමනෙදි අපේ පිස්සු සෙට් එක එකතු වුනේ සිංදු කියන්න. වේග රිද්මයේ ගීත කීපයක්ම රස විදලා මං පටන් ගත්තා ඇදෙන ක්ලැසික් සිංදුවක්.
" ආදරියේ රුචිරානනියේ - ලියලනවා තව තව ශෝකේ.......
වැලපෙනවා මා අද හිරගේ.... - ආදරියේ රුචිරාණනියේ..... " කිවුවා විතරයි ජයනි ( අපේ දෙවැනි නායිකාව) පැන්නෙ නැද්ද මැද්දට..
" සීත සුළං අවට හමන්නේ.... " කෑවා..කෑවා... නැතිවෙන්නම කෑවා. කමක් නෑ කියලා ඒකත් කිව්වා කියමුකො... මෙන්න බොලේ ජයනි පටන් ගන්නවා.. මා....ර ප්‍රේම ගීතයක්..
" ආ...වා.... පෙම්වතා යන්නේ - ඇයි ඔයා දෙනුකෝ... පෙම් සිනා.. ආ...දරෙයි කියා..."
හැමෝටම හිනා. මොනා කරන්නද තරුණ ළමයි තෙ. ගෙදර මතක් වෙන්න ඇති. ඒ ගීයට ඉඩ දුන්නෙ ගගට පනියි කියලා බයටමයි.
" මගේ ළමැද සුව යහනක්.... ඔබට තනා දෙන්න කියා... " එහෙම කියාගෙන ශ්‍යානිකාත් ගීතයක් පටන් ගත්තා....
කියලා වැඩක් නෑ..... මාරම..මාරම...මාරම ජොලි...
කොහොම හරි හරිම සතුටින්.. විනෝදෙන් ෂැංහයි වල පළමු රාත්‍රිය ගෙවිල ගියා.

No comments:
Post a Comment