අද අපි චීනයේ ඉන්න අන්තිම දවස. උදෙන්ම ලැහැස්ති වෙලා බඩු පැක් කළා. කාමර යතුරු නිසි ලෙස බාර දීලා ආයුබොවන් කියන්නයි ලෑස්තිය.
ඒ වගේම තව තැනක් බලන්න යන්නත් තියෙනවා. ප්ලයිට් එක තියෙන්නෙ සවස් වරුවෙ. ඒක හින්දා උදේ වරුව යූ උද්‍යානය පබලලා, එතැන වීදියෙ අවසන් වතාවටත් සාප්පු සවාරියෙ යෙදුනා.
යූ උද්‍යානය නැරඹීම - Yu Garden
ඒ වගේම තව තැනක් බලන්න යන්නත් තියෙනවා. ප්ලයිට් එක තියෙන්නෙ සවස් වරුවෙ. ඒක හින්දා උදේ වරුව යූ උද්‍යානය පබලලා, එතැන වීදියෙ අවසන් වතාවටත් සාප්පු සවාරියෙ යෙදුනා.
යූ උද්‍යානය නැරඹීම - Yu Garden
අතරමග සුන්දර දසුනක්.. |
චීනයේ එතෙක් අප දුටු සියළුම දර්ශනීය උද්‍යාන පොදු ආණ්ඩුවේ උද්‍යාන වුවත්, යූ උද්‍යානය යනු තනිකරම පුද්ගලයෙකුගේ ගෙවතු උද්‍යානයක්. එය දැවැන්ත මුදලක් යොදා අතීතයේ ඉදි කළ ගෙවත්තක්. එහි දකින්නට ලැබෙන ගෘහ නිර්මාණ ලක්ෂණ ඉතා විශ්මයජනකයි. අතීත චීනයේ ධනවතෙකුගේ මුදල් ප්‍රමාණය මැන බලන අපූරු මිණිම් දණ්ඩක් වී ඇත්තේ ඔහුගේ ගෙවතු උද්‍යානයේ ඉදිකිරීම් සදහා යොදා ඇති සුන්දර ගල් පර්වත ප්‍රමාණය යැයි අප මාර්ගෝපදේශක ඇලෙක්ස් කී විය අප පුදුම වුවත්, යූ උද්‍යානයේ ඇති මනරම් කළුගල් නිමැවුම් දකින විට එය සනාථ වුනා.
යකුන්ට මැදි වූ බුදු රුව නොසැලී.. |
අපේ කෂ්ඨිය ... යූ ගාඩ්න් යන ගමන්.. |
රාත්‍රී 8 ක , දින 9 ක සුන්දර චීන සංචාරය නිමා කොට ෂැංහයි ගුවන් තොටුපලෙන් බැංකොක් බලා එන ටීජී 665 තායි ගුවන් සේවයේ යානයට ගොඩ වී චීනයට සමු දුන්නෙමු.
No comments:
Post a Comment